මැලේසියාවේ සේවය කරමින් සිටියදී හාම්පුතා විසින් අමානුෂික අයුරින් පහරදී ඝාතනය කර, කුණු ගොඩකට විසි කර දැමූ ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ මාස 05කට පමණ පසුව අනාවරණය වෙයි.
මැලේසියාවේ වාහන සේදීමේ ස්ථානයක රැකියාවේ යෙදී සිටියදී පසුගිය මැයි මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී මෙලෙස ඝාතනය කරනු ලැබ ඇත්තේ ගලේවෙල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි මොහාමඩ් සෆ්රින් නමැති 26 හැවිරිදි තරුණයෙකි.
ඝාතනය කෙරුණු මොහාමඩ් සෆ්රින් සමග එකට සේවය කළ ඔහුගේ මිතුරෙකු විසින් අදාළ තරුණයා මියයාමට මොහොතකට පෙර ලබාගත් බව කියන , පහරදීම්වලින් දරුණු තුවාල ලබා සිහි විසඥව සිටින අකාරය දැක්වෙන ඡායාරූප සහිත ව මෙම ඝාතනය පිළිබඳ lfn වෙත හෙළිදරව් කළේ ය.
නම හෙළිකිරීමට අකැමැති මිතුරා හෙළිකරන තොරතුරුවලට අනුව, මොහාමඩ් සෆ්රින් අතින් සේදීමට ගෙනා වාහනයකට සිදු වූ සුළු අලාභ හානියක් පිළිබඳ උරණ වූ ඔහුගේ හාම්පුතා ඇතුළු පිරිසක් විසින් මොහාමඩ් සෆ්රින් කළුවර කාමරයක සතියක් තිස්සේ හිරකරගෙන පොළුවලින් පහර දී ඝාතනය කර තිබේ.
පසු ව මැයි මස 22 වැනි දා මොහාමඩ් සෆ්රින් මිය ගොස් ඇති අතර, මැලේසියානු හාම්පුතා විසින් ඔහුව කුණුගොඩකට විසිකර දමන ලෙසට එහි අනෙක් සේවකයින්ට නියෝග කර තිබේ. ඒ අවස්ථාවේ දී මොහාමඞ් සෆ්රින්ගේ අවසන් මොහොත ඡායාරූප ගත කර ගත් ඔහුගේ මිතුරා එතැනින් පළාවිත් මේ පිළිබඳ මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසු ව දිවයිනට පැමිණ තිබේ.
මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඝාතනය කෙරුණු මොහාමඩ් සෆ්රින්ගේ මෘතදේහය මෙතෙක් ඔහුගේ ඥාතීන් වෙත ලැබී නොමැත.
මොහාමඩ් සෆ්රින්ගේ අවසන් මොහොත දැක්වෙන ඡායාරූප පහතින් බලන්න.
Source By : Lfn .lk
Thursday, October 16, 2014
මැලේසියාවේ දී ඝාතනය කළ ශ්රිලාංකිකයාගේ අවසන් මොහොත (PHOTOS)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment