ත‍්‍රස්තවාදීන්ගෙන් හා සයිබර් අපරාධකරුවන්ගෙන් ආරක්‍ෂා කරනු ලැබීමට අවශ්‍ය නම් බි‍්‍රතාන්‍ය ජාතිකයින් සිට අන්තර්ජාල නිදහස කැප කළ යුතුව ඇතැයි බි‍්‍රතාන්‍ය ජාතික අපරාධ ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් කීත් බි‍්‍රස්ටොව් පවසා තිබේ.
ගාඩියන් පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡවකදී ඔහු පවසා ඇත්තේ බි‍්‍රතාන්‍යය මුහුණදෙන විශාලතම අපරාධ අවදානම් අන්තර්ජාලය හරහා පැමිණෙන බවයි.
FBI ආයතනයේ බි‍්‍රතාන්‍ය ආකාරය ලෙස රජය විසින් හැඳින්වෙන ජාතික අපරාධ ආයතනයේ හැකියාව සහ භයානක අපරාධකරුවන් පිළිබඳ ග‍්‍රහණය බිඳ වැටෙමින් ඇති බවද ඔහු හෙළිකර ඇත.
සිය ඉදිරි සැලසුම් පිළිබඳව බි‍්‍රස්ටොව් විසින් හෙළි කර නොතිබුණද විවෘත අයිතීන් කණ්ඩායම පවසා ඇත්තේ සමස්ත ජනගහනය පිළිබඳ තොරතුරු රැස්කිරීමේ ශක්තීන් වර්ධනය කිරීම රජයේ දිශානතිය වී ඇති බවයි.
ත‍්‍රස්තවාදය සහ භයානක අපරාධ මැඬලීම සඳහා ඔත්තුසේවා අවශ්‍ය නමුත් එය දේශපාලඥයන් විසින් නොව අධිකරණ විනිසුරුවරුන් විසින් මෙහෙයවන්නක් විය යුතු බව එම ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ජිම් කිලොක් පවසා ඇත.
බලය අපහරණය නොකරන බවට විධිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහතිකයක් හිමිවන්නේ එවිට බව ඔහුගේ අදහසයි. අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ සන්නිවේදන තොරතුරු රැස්කිරීම සඳහා බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් තෙරේසා මේ විසින් ඉදිරිපත් කළ සන්නිවේදන දත්ත පණතට රජයේ පාර්ශ්වකරුවකු වන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක නික් ක්ලෙග් විසින් බාධා කිරීම සමග බි‍්‍රතාන්‍ය රජය තුළ පැල්මක් හටගෙන ඇතැයිද වාර්තා වේ.
Wednesday, October 15, 2014
ත‍්‍රස්තවාදයෙන් ආරක්‍ෂා කිරීමට නම් පුද්ගලික තොරතුරු කැප කළ යුතුයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment