මහින්ද පරදන්න එජාපයේ සැලසුමක් එලියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 13, 2014

මහින්ද පරදන්න එජාපයේ සැලසුමක් එලියට

රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ලෙස තම මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය මෙහෙයැවීම තමන් විසින්ම බාර ගැනීමත් සමගම එක්සත් ජාතික පක්ෂය තනිවම හෝ ජනාධිපතිවරණයකදී අවශ්‍ය සියයට 50 යි එක් ඡන්දය ලබා ගන්නේ කෙසේද දැක්වෙන ග‚තමය සූත්‍රයක් එජාප නිල වෙබ් අඩවිය විසින් එළි දක්වා තිබේ.

ඒ මෙසේය

"ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 ] ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්‍රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...

රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ලංකාවේ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය 74]යි..ඒ අනුව සිංහල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සිංහල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...

එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සිංහල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සිංහල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්‍රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සිංහල බෞද්ධ හැඟීම් 

 අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...

එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..

එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...

මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ලංකාවේ සුළු ජාතික ඡන්ද පදනම 26]කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...

50.1] යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්‍රාහී සීමාව ඉක්මවනු ඇත..

ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...
එහෙමනම් මිත්‍රවරුනි

වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...

එම වෙබ් අඩවි සටහනේ දැක්වුනේ එලෙසිනි.

No comments:

Post a Comment

Post Bottom Ad