පෙන්ටගනයට උපදෙස් දීමට පරිඝණක ක‍්‍රීඩා නිමැවුම්කරුවෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 16, 2014

පෙන්ටගනයට උපදෙස් දීමට පරිඝණක ක‍්‍රීඩා නිමැවුම්කරුවෙක්

වොෂින්ටනයේ බුද්ධි මණ්ඩලයක් විසින් ඇමරිකානු ආරක්‍ෂාවට එල්ල විය හැකි තර්ජනයන් පිළිබඳව පෙන්ටගනයට උපදෙස් ගැනීම සඳහා කෝල් ඔෆ් ඩියුටි පරිඝනක ක‍්‍රීඩාවේ නිර්මාණකරුවන ඬේව් ඇන්තනි තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

මේ සමග සැබෑ යුධෝපක‍්‍රම ඇසුරින් පරිඝනක ක‍්‍රීඩා නිපැයෙන බවට වන අදහස පරිඝනක ක‍්‍රීඩා මගින් යුධෝපක‍්‍රම නිර්මාණය වීමේ තත්වයක් බවට පරිවර්තනය වී තිබේ.

ලොව පුරා පරිඝනක ක‍්‍රීඩකයන් අතරේ ජනපි‍්‍රය යුධ ක‍්‍රීඩාවක් වන කෝල් ඔෆ් ඩියුටි මේ වන විට ඩොලර් බිලියන ගණනක් උපයා ඇතැයි පැවසේ.
ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරි ස්ටීවන් ගෘන්ඞ්මන් සිය පුතු කෝල් ඔෆ් ඩියුටි – බ්ලැක් ඔප්ස් 2 ක‍්‍රීඩා කරනු දැක ඇති අතර එය ඇමරිකානු හමුදාවේ සැබෑ උපායමාර්ගයන්ට වඩා අතිශය නිර්මාණශීලී බව ඔහු නිරීක්‍ෂණය කර තිබේ.

බ්ලැක් ඔප්ස් 2 තුළදී ඇමරිකාව සහ චීනය යන න්‍යෂ්ටික බලයන් 2025දී ලොව දුර්ලභ සම්පත් උදෙසා සිදුකරන ශීත යුද්ධයක් නිර්මාණය කර ඇත.
ගෘන්ඞ්මන් පවසා ඇත්තේ නව තාක්‍ෂණයන් සමග හුරුපුරුදු තාක්‍ෂණයන් මුසු කර තිබීම මගින් තමා විශ්මයට පත්වූ බවයි.

අත්ලාන්තික් කවුන්සිලය විසින් පෙන්ටගනයට උපදෙස් දීම සඳහා තෝරාගනු ලැබූ ඬේව් ඇන්තනි පවසා ඇත්තේ නිර්මාණකරුවන් විසින් ආරක්‍ෂාවට තර්ජනයන් එල්ල විය හැකි විවිධ මානයන් පිළිබඳව සැබෑ ආරක්‍ෂක උපදේශකයන්ට වඩා කල්පනාකාරී වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad