ඇමරිකාව තුර්කි ජනපතිගෙන් සමාව යදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 15, 2014

ඇමරිකාව තුර්කි ජනපතිගෙන් සමාව යදී

තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන් පිළිබඳව ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු සමාව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන්ට සිරියාව වෙත ඇතුළු වීමට අවසර දුන් බවත් මේ වන විට දේශසීමාව වසා දැමීමට පියවර ගෙන ඇති බවත් තුර්කි ජනාධිපතිවරයා තමන් හමුවේ පැවසූ බව පසුගියදා හාවඞ් විශ්වවිද්‍යාලයේ සිදුකළ දේශනයකදී බයිඩන් විසින් පවසන ලදී.

මේ ප‍්‍රකාශය පිළිබඳව කුපිතවී ඇති එර්ඩෝගන් පවසා ඇත්තේ බයිඩන් මෙවැන්නක් පැවසුවේ නම් තමන්ට අදාළව ඔහු ඉතිහාසයේ කොටසක් වී ඇති බවයි.

තමන් කිසිවිටක වරදක් කළ බව පිළිගෙන නැතැයි තුර්කි ජනාධිපතිවරයා පවසා තිබේ.  ජෝ බයිඩන් සමාව ගත යුතු බවත් සිහින්, වක‍්‍රාකාර පැහැදිලි කිරීම් භාර නොගන්නා බවත් ඔහු පවසා ඇත.  ඇමරිකානු උප ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් හරහා එර්ඩෝගන්ගෙන් සමාව ගත් බව ධවල මන්දිර ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

ධවල මන්දිරය පවසා ඇත්තේ තුර්කිය හෝ කලාපයේ වෙනත් මිතුරු රටවල් ඉස්ලාමික රාජ්‍ය හෙවත් අයිසිස් සංවිධානයේ වර්ධනයට සවිඥානිකව සහය දැක්වූ බවට හැගවෙන ප‍්‍රකාශයක් තමන් අතින් සිදුවී නම් එයට සමාවන ලෙස බයිඩන් විසින් තුර්කි ජනපතිවරයා අමතා පැවසූ බවයි.

හාවඞ් විශ්වවිද්‍යාල දේශනයේදී ඇමරිකානු උප ජනාධිපතිවරයා සවුදි අරාබිය, තුර්කිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අසාද් පැරදවීම සඳහා ඉස්ලාමික රාජ්‍යය වෙත සහය දැක්වූ බවට චෝදනා කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad