ඇමරිකාවේ ෆ්ලොරිඩාහි වෙරළ තීරයේ මහජනයා ගැවසුණ කුඩා ළමුන් සෙල්ලම් කරමින් සිටි ස්ථානයක ප‍්‍රසිද්ධියේ අඹුසැමියන් ලෙස හැසිරුණ යුවළක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මුහුදේ පිහිනන්නට පැමිණ සිට මේ දෙදෙනා බොහෝ වේලාවක් අව්ව තපිමින් නිසොල්මනේ සිටි බවත් පසුව අවට අය ගැන කිසිදු හැඟීමක් නැතිව මිනිත්තු 25 ක් පමණ වේලාවක් ලිංගිකව හැසිරුණ බවත් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ වැඩිහිටි කාන්තාවක ප‍්‍රකාශ කර ඇත.
ඇය මෙම සිද්ධිය දුරකථන කැමරාවෙන් වීඩියෝවට නැගූ අතර පොලිසියට දන්වා ඔවුන් පැමිණි පසු වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කර තිබුණා. සිද්ධිය ඇසින් දුටු 4 හැවිරිදි දැරියකද පොලිසියට සාක්ෂි දී ඇත.
තමා වසර ගණනාවක් තිස්සේ මෙම වෙරළ තීරයට එන නමුත් මෙවැනි සිද්ධියක් ඇස ගැටුණ ප‍්‍රථම වතාව මෙය බවත් කුඩා ළමුන් ඉදිරියේ මේ ආකාරයට හැසිරීම තිරිසන් ක‍්‍රියාවක් බවත් වැඩිහිටි කාන්තාව ප‍්‍රකාශ කර ඇත.
මෙම අශෝභන ක‍්‍රියාව නිසා අත්අඩංගුවට පත්ව ඇත්තේ 39 හැවිරිදි ජොසේ කැබලෙරෝ නමැති කායවර්ධන උපදේශකයෙකු හා ඔහුගේ පෙම්වතිය බව කියන 20 හැවිරිදි එලිසා ඇල්වරෙස්ය. ඔහඅ කැබලෙරෝ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට පසුගිය කාලයේ සිරගතව සිට නිදහස ලැබූ අයෙකු බවද මාධ්‍ය වාර්තා දක්වා ඇත.
ප‍්‍රසිද්ධියේ අශෝභනව හැසිරීම යන චෝදනාව යටතේ මොවුන් දෙදෙන අගොස්තු මස උසාවියට කැඳවන්නට නියමිත බවද ෆ්ලොරිඩා පොලිසිය දන්වා සිටිනවා.
සිද්ධිය සම්බන්ධව විදෙස් මාධ්‍ය වල පළවූ වීඩියෝ වාර්තාවක් පහතින්
Thursday, July 24, 2014

වෙරළේ මධුසමය ගෙවූ යුවල අත්අඩංගුවට (VIDEO)
Tags
# featured
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
featured,
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment