බි‍්‍රතාන්‍ය පාසල් වෙත රැඩිකල් ඉස්ලාම් දහම ව්‍යාප්ත කිරීමේ සැලසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 26, 2014

බි‍්‍රතාන්‍ය පාසල් වෙත රැඩිකල් ඉස්ලාම් දහම ව්‍යාප්ත කිරීමේ සැලසුමක්

http://ift.tt/eA8V8J

බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම්හි පාසල් වෙත රැඩිකල් සුන්නි ඉස්ලාම් ආචාර විධීන් ව්‍යාප්ත කිරීමේ සැලසුමක් පිළිබඳව හෙළිදරව් කිරීමට බි‍්‍රතාන්‍ය පොලිසිය විසින් සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ.

මෙට්‍රොපොලිටන් පොලිසියේ ත‍්‍රස්ත විරෝධී ඒකකයේ හිටපු ප‍්‍රධානි පීටර් ක්ලාක් විසින් මේ පිළිබඳ වාර්තාවක් සකසා ඇති අතර එම වාර්තාව එළි දැක්වීමට ප‍්‍රථමයෙන් ද ගාඩියන් පුවත්පත අතට පත්වී ඇතැයි පැවසේ.

පුවත්පත පවසන්නේ බර්මින්හැම්හි පාසල් 25කට අදාළව මෙම පොලිස් පරීක්‍ෂණය ක‍්‍රියාත්මක කර ඇති බවයි.  එම පාසල් වලට ආක‍්‍රමණශීලී සුන්නි ඉස්ලාමික ආචාර විධීන් ව්‍යාප්ත කිරීමට සංවිධානාත්මක සැලසුමක් ක‍්‍රියාත්මක කර ඇතැයි එම වාර්තාවේ දක්වා තිබේ.

අධ්‍යාපන ලේකම් මයිකල් ගව්ගේ ඉල්ලීමක් පරිදි මෙම වාර්තාව පීටර් ක්ලාක් විසින් සකසා ඇති අතර බර්මින්හැම් ප‍්‍රාදේශීය පාලක මණ්ඩලයේ අකාර්යක්ෂමතාවයට රුකුල් දෙන ලෙස කටයුතු කිරීම පිළිබඳව ඔහු වෙතද චෝදනා එල්ලවී තිබේ.

පීටර් ක්ලාක් වාර්තාව මගින් මෙවැනි තත්වයක් හඳුනාගැනීමට නගර කවුන්සිලයේ අකාර්යක්ෂමතාවය විවේචනය කර ඇති නමුදු කිසිදු සාහසික අන්තවාදයක්, රැඩිකල්කරණයක් හෝ බි‍්‍රතාන්‍ය විරෝධී වැඩසටහනක් ක‍්‍රියාත්මකව ඇති බවට සාක්ෂියක් නැතැයිද පවසා ඇතැයි වාර්තා වේ.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad