මහනුවරට අද රෑ යළිත් ඇඳිරිනීතිය..... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 9, 2018

මහනුවරට අද රෑ යළිත් ඇඳිරිනීතිය.....



මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා බලපැවැත්වෙන පරිදි යළි ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.එමෙන්ම මහනුවර කළහකාරී සිද්ධිය ඇති කිරීම සඳහා මූලිකව කටයුතු කළ බවවට සැකපිට අත්ඩංගුවට ගෙන කොළඹට රැගෙන ආ පුද්ගලයින් දස දෙනාගෙන් රැදවුම් නියෝග මත මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අද පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික්කයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පැවතිය ද මේ වන විටත් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය තවදුරටත් යොදවා තිබෙනවා.මේ අතර, තාවකාලිකව වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් ලබන සඳුදා දින යළි විවෘත කරන බවයි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සඳහන් කරන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad