මහනුවර ගැටුම පිටුපස දේශපාලන පක්ෂයක හස්තයක්.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 9, 2018

මහනුවර ගැටුම පිටුපස දේශපාලන පක්ෂයක හස්තයක්....


මහනුවර ඇති වූ ගැටුම පිටුපස එක්තරා දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් සිටින බවට තොරතුරු ලැබි ඇතැයි කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ය.
උඩරට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ තවත් මන්ත්‍රීවරයකුගේ ‍ලේකම්වරයකු ද මේ අතර සිටින බව සේනාරත්න කියාසිටියේ ය.
දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිසෙන් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ අනුව මීට සම්බන්ධ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරු හෙළි කරන බවත් සේනාරත්න වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad