දිගන ගැටුම ඇරඹූ ප්‍රධාන සැකකරු සමඟ 10ක් අත්අඩංගුවට... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 9, 2018

දිගන ගැටුම ඇරඹූ ප්‍රධාන සැකකරු සමඟ 10ක් අත්අඩංගුවට...


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට මේ වනවිට යළි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ හෙට පෙරවරු 06 දක්වා එලෙස ඇඳිරි නීතිය පනවා ඇති බවයි.
ඊයේ රාත්‍රීයේ ඇඳිරි නීති තත්ත්වය උල්ලංඝනය කරමින් කටයුතු කරපු සැකකරුවන් හතර දෙනෙකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අද දින සවස 6 සිට හෙට උදෑසන 6 දක්වා කාලය තුළ බලපැවැත්වෙන ලෙසට එය මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුලට බලපැවැත්වෙන ලෙසට ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත් කිරීමට පොලිස්පතිතුමා තීරණය කර තිබෙනවා. ඒ ප්‍රදේශයේ ජීවත්වන ඒ ප්‍රදේශය හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ඇඳිරි නීති තත්ත්වය උල්ලංඝනය කිරීමෙන් වළකින්න කියලා.
මේ අතර, මහනුවර ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතු`ඵ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මාර්තු හතර සිට මේ දක්වා වාර්තා වූ සියලුම සාපරාධී ක්‍රියා සඳහා පාදක වන ආකාරයට, ඒ වගේම අසමගිය ඇති වන ආකාරයට අසත්‍ය තොරතුරු දේශනා කරමින්, ඒ පිළිබඳව කතා පවත්වමින්, මෙවැනි තත්ත්වයක් ඇතිවන ආකාරයට සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් ක්‍රියාකරමින් ක්‍රියා කළ මේ සඳහා කුමන්ත්‍රණය කරපු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අද අලුයම හැකියාව ලැබුණා. මේ සියල්ල මෙහෙයවන ප්‍රධාන සැකකරු මෙම අත්අඩංගුවට ගැනීම ඇතුළත සිටිනවා. ඔහු විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ යන අයයි. ඔහුගේ ප්‍රධානතම සහායකයා ලෙස ක්‍රියාකරන පුද්ගලයාද මේ අත්අඩංගුවට ගත් අය අතර සිටිනවා. නොයෙකුත් සාපරාධි ක්‍රියා සැලසුම් කරපු ආකාරය සහ සැලසුම් කරමින් සිටි ආකාරය මේ වන විට විමර්ශන නිලධාරීන් අනාවරණ කර ගනිමින් සිටිනවා.
මේ වනවිට ප්‍රදේශයේ තත්ත්වය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විස්තර කළේ මෙලෙසයි.
වාහනවලට අලාභ කිරීමේ සිද්ධින් අද උදෑසන 6 වන විට සිද්ධින් 11ක් වාර්තාවනවා. තුවාල සිදු වූ සිද්ධින් එකක් වාර්තා වනවා. එම සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 11 දෙනෙක් වනවා. එම කාලය තුළදී සැකකරුවන් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දිනය තුළ විශාල බරපතල සිද්ධීන් වාර්තා වන්නේ නැහැ. මෙවැනි අවස්ථාවක අසත්‍ය තොරතුරු කට කතා පැතිරවීමත් වරදක්. එම නිසා එවැනි අසත්‍ය තොරතුරු කට කතා පැතිරවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad