ආණ්ඩුවටත් ජාතිවාදය ඕනැ වගේ - අනුර කුමාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

ආණ්ඩුවටත් ජාතිවාදය ඕනැ වගේ - අනුර කුමාර

අද (06) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මහනුවර ඇතිවී තිබෙන තත්වය ගැන අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය.

‘ආණ්ඩුව ආර්ථික වශයෙන් අසමත්කම් විශාල සංඛ්‍යාවක් පෙන්වා තිබෙනවා.ජනතාවගේ මූලික අවශ්‍යතාවන්, ප්‍රජාතන්ත්‍රවාදය හා අයිතිවාසිකම්

ලබාදීමටත් අසමත්ව තිබෙනවා.
මුස්ලිම් හා සිංහල ජනයා අතර අසමගිය ආණ්ඩුවට අවශ්‍ය වෙලා ඇති බවයි පේන්නේ.

පරාජිත දේශපාලන පාර්ශවය ද බලය ලබා ගැනීමට මූලිකකරගෙන ඇත්තේ ජාතිවාදයයි.

බණ්ඩාරවෙල බස් රථයක බෝම්බයක් පිපිරුණු වහාම කොටි නැගිටීමක් ගැන පුවත් මවනු ලැබුවේ ඒ නිසායි.
මෙතරම් විශාල ප්‍රශ්නයක් පැනැගී ඇති අවස්ථාවේ ආණ්ඩුවට ඇත්තේ අගමැතිවරයාට පුටුවේ වැඩිවිය හැකිද නැද්ද යන්න පිළිබඳ ගැටලුත්, ජනාධිපතිවරයාට ඇත්තේ තවත් යටිකූට්ටු වැඩක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න වීමත් පුදුමයි.
මෙවැනි ගැටුමක් ඇති වීමේ ප්‍රවනතාවයක් පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය ජාලය පරිශීලනය කරන අයට
පවා පෙනී ගියා.
රජයට හා ජනාධිපතිවරයාට ඒ පිළිබදව අවබෝධයක් නැතිවීමත් මේ මොහොත වන විටත් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති වීමත් ගැටලුකාරීයි.‘


No comments:

Post a Comment

Post Bottom Ad