මහින්දගේ ජීවිතය දරුණු ඛේදවාචකයකින් බේරෙයි...! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

මහින්දගේ ජීවිතය දරුණු ඛේදවාචකයකින් බේරෙයි...!


යාපනයේ තිබූ තෛපොංගල් උත්සවයකට සහභාගි වීමට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ජීවිතය බේරී තිබෙන්නේ වාසනාවකටය. අමරවීර ඇමැතිවරයාගේ මේ ගමනට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමඟ තවත් කීප දෙනකු ගුවන් හමුදා යානයෙන් යාපනය පලාලි ගුවන් තොටුපොළට යෑමට නියමිතව තිබුණත්, ගුවන් නියමුවන් යානය පදවාගෙන ගොස් තිබෙන්නේ තලෙයිමන්නාරම දෙසටය.

පලාලි ගුවන් තොටුපොළට යානය ගොඩ බැස්සවීම වෙනුවට තලෙයිමන්නාරම දූපත් ආසන්නයට ගුවන් යානය පදවන්නේ කුමටදැයි ගුවන් යානයේ සිටි අයකු විමසද්දී යාපනය යන්න මාර්ගය නොදන්නා බව ගුවන් නියමුවා ප්‍රකාශ කළැයි ධීවර හා ධීවර සම්පත් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ඊයේ සවස පැවැසීය.

මේ අවස්ථාවේ ගූගල් ගුවන් සිතියම අධ්‍යයනය කර ගුවන් යානය ගොඩබැස්සිය යුතු පලාලි ගුවන් තොටුපොළ මාර්ගය ගුවන් නියමුවාට පෙන්නා දීමෙන් පසු ඔහු ගුවන් යානය එම තොටුපොළට ගොඩ බස්සවා තිබේ. සාමාන්‍යයෙන් පලාලි ගුවන් තොටුපොළට කොළඹ සිට ගුවනින් යන්නට ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවත් ගුවන් හමුදා යානය පලාලි ගුවන් තොටුපොළට ළඟාවන්නට පැය දෙකකට ආසන්න කාලයක් ගෙවා තිබේ.

මේ අනතුරුදායක තත්ත්වයේ වඩාත් වැදගත් සිද්ධිය වන්නේ පලාලි ගුවන් තොටුපොළට යානය ගොඩබස්සවන විට එහි ඉන්ධනද අවසන් වීමට ආසන්නව පැවැතීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad