රාජ්‍ය අමාත්‍යවරීය අනතුරකින් රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

රාජ්‍ය අමාත්‍යවරීය අනතුරකින් රෝහලට


කඩුගන්නාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය තුවාල රෝහල් ගත කර තිබේ. අළුයම 03.00 පමණ ඇය ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්  අනතුර සිදුව ඇති බව කඩුගන්නාව පොලිසිය සදහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබූ රාජ්‍ය  අමාත්‍යවරිය පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබේ. අද දෙරණ සිදු කළ විමසීමකදී පේරාදේණිය රෝහලේ ප්‍රකාශිකාවක  සඳහන් කළේ ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad