බස්‌ රස්‌සාවට පිටින් කුඩු බිස්‌නස්‌ කළ ලංගම කොන්දොස්‌තර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

බස්‌ රස්‌සාවට පිටින් කුඩු බිස්‌නස්‌ කළ ලංගම කොන්දොස්‌තර

මහනුවර කොළඹ ලංගම බස්‌ රථයක සේවය කරන මත්කුඩු ජාවාරමේ නිරත බවට සැකකරන කොන්දොස්‌තරවරයකු කුඩු මිලි ග්‍රෑම් 1150 ක්‌ සමග ලංගම යටිනුවර ඩිපෝව අසලදී මහනුවර දිසා දූෂණ මර්දන අංශයේ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොන්දොස්‌තර වෘත්තියට අමතරව කොළඹ සිට මත්කුඩු රැගෙනවිත් කඩුගන්නාව ප්‍රදේශයේදී අලෙවි කිරීම සිදුකරන බවට ලද තොරතුරක්‌ අනුව පොලිස්‌ පරීක්‍ෂක තුසිත දොඩගම්මන මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මෙම වැටලීම සිදුකර ඇත. සැකකරු නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිසිය සිකුරාදා (12 දා) පැවසීය.

 නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද ඒකනායක මහතාගේ උපදෙස්‌ මත පො.ප. තුසිත දොඩගම්මන, පො.සැ. බණ්‌ඩාර, පො.සැ. ධර්මරත්න, පො.සැ. ජයසිංහ, පො.කො. වීරසිංහ සහ පො.කො. දිසානායක යන නිලධාරීන් කණ්‌ඩායම විසින් වැටලීම සිදුකරන ලදි.  ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි එන්. එච්. සිසිර කුමාර සහ මූලස්‌ථාන භාර ප්‍ර.පො.ප. ඩී. ආර්. එස්‌. ධර්මදාස යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර නීතිමය කටයුතු සිදුකෙරේ.

සිරිල් විමලසුරේන්ද්‍ර

No comments:

Post a Comment

Post Bottom Ad