අගලවත්ත එ.ජ.නි.සන්ධාන තොරණ කඩා වැටේ. වේදිකාවටත් වර්ෂාවෙන් කරදර (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

අගලවත්ත එ.ජ.නි.සන්ධාන තොරණ කඩා වැටේ. වේදිකාවටත් වර්ෂාවෙන් කරදර (PHOTOS)

අගලවත්ත නගරයේ 14 වැනිදා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය අතර තුර එම වේදිකාවේ වැසි ආවරණ බිඳී එය තුලට ජලය ගලා ඒමෙන් කටයුතු වලට බාධා එල්ල විය . තවද එම අවස්ථාවේ අධික වර්ෂාවක් අගලවත්ත නගරයට ඇද හැළුණු අතර ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගය හරහා ඉදිකර තිබූ විශාල තොරණක් බස් රථයක් මතට කඩා වැටී අලාභ සිදු විය.

මෙම රැළිය අගලවත්ත නගර මධ්‍යයේ බස් නැවතුම හා ත්‍රී රෝද රථ ගාල තුල පැවති අතර දින දෙකක් පුරා එම ප්‍රදේශයට පැමිණි ජනතාවට විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදු විය. ඉදිකරණු ලැබූ වේදිකා දෙක අද ( 15 දින ) දහවල් වනතුරුත් ඉවත් කර නොතිබීමෙන් වෙළඳ සැල් රැසක් ආවරණය වී තිබුණි.මේ හේතුවෙන් පාසල් සිසුන් හා කාර්යාල සේවකයින්ට හා ප්‍රදේශවාසීන්ට තම අවශ්‍යතා ඉටු කර ගැනීම අපහසු වී තිබුණි.

මෙම තත්වය පිළිබඳව අගලවත්ත ප්‍රදේශවාසීන් රැසක් තම නොසතුට පළ කලහ. ඡායාරූප මගින් දැක්වෙන්නේ දැවැන්ත තොරණ ඇද වැටෙන අයුරු , වෙළඳ සැල් වැසී යන පරිදි ඉදිකල වේදිකාව හා වේදිකාව පුරා ජලය ගලා ගිය ආකාරයයි.





අගලවත්ත පී එම් පත්මසූරිය.

No comments:

Post a Comment

Post Bottom Ad