බැදුම්කර හොරා සමඟ තරුණ හමු සූදානම් කල කාවින්දට එජාප පතාක යෝධයෙකුගෙන් අමතක නොවන පාඩමක්! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 24, 2017

බැදුම්කර හොරා සමඟ තරුණ හමු සූදානම් කල කාවින්දට එජාප පතාක යෝධයෙකුගෙන් අමතක නොවන පාඩමක්! (VIDEO)


ජාතික යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් අද පෙරවරුවේ ජා-ඇළදී පැවැත්විණි. මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ ආසන සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා සංවිධායකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ගේ ආරාධනයෙන් කූප්‍රකට බැදුම්කර වංචාවට සම්බන්ධවූ බවට චෝදනා ලැබ අමාත්‍යධූරය අහිමි වූ රවි කරුණානායක ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ ආසන සංවිධායක, එජාපයේ පතාක යෝදයෙකු වන ජෝසෆ් මයිකල් පෙරේරා මහතා මෙම අවස්ථාවට පැමිණෙන්නේ කාවින්ද ජයවර්ධන මහතා සභාව අමතන අතරතුර ය. උත්සවයේ න්‍යාය පත්‍රයට අනුව ජෝසෆ් මයිකල් පෙරේරා මහතාට තරුණ හමුව ඇමතීමට අවස්ථාව ලබා නොදීම නිසා නොසන්සුන් තත්ත්වයක් ඇති විය. තමාට ආසන සංවිධායක වශයෙන් උත්සවය ඇමතීමට අවස්ථාවක් දිය යුතු යැයි පවසමින් ජෝසෆ් මයිකල් පෙරේරා මහතා වේදිකාවට ගොඩවුවත් ඊට අවස්ථාවක් හිමි නොවන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර ද ඒ වන විට අක්‍රීය කර තිබූ නිසා ය. 

අනතුරුව ජෝසෆ් මයිකල් පෙරේරා මහතා උත්සව පරිශ්‍රයෙන් පිටව ගියේ ය. කාවින්ද ජයවර්ධන විසින් අවස්ථා කිහිපයකදීම ජා ඇල එජාප ජෙ‍යෙෂ්ඨ නායකතවය නොසලකා හැර කටයුතු කල අයුරු දැක ගත හැකි විය. බැදුම්කර හොර කල්ලිය සමඟ සමීපව කටයුතු කරනු ලබන කාවින්ද එජාපයේ තරුණ පෙරමුණ නායකත්වයට පත්වීමද එජාපයේ අනාගත පරාජයන්ට ප්‍රධාන හේතුවක් බවට පත්වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad