රෝගීන්යා සරණාගතයින් ගල්කිස්සේ රඳවා සිටි තැන උද්ඝෝෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 26, 2017

රෝගීන්යා සරණාගතයින් ගල්කිස්සේ රඳවා සිටි තැන උද්ඝෝෂණ


ගල්කිස්ස මංසන්දියේ නිවසක් අසල උද්ඝෝෂණයක් හේතුවෙන් අද සවස දැඩි රථවාහන තදබදයක් හටගත්තා. මෙම උද්ඝෝෂණයට හේතුවී ඇත්තේ මියන්මාර රෝගීන්යා සරණාගතයින් මෙම නිවසේ නීති විරෝධී ලෙස සිටින බවට භික්ෂූන් වහන්සේලා
අැතුළු පිරිස දැක්වූ විරෝධයයි.

වීසා නොමැතිව කන්කසන්තුරේ ප්‍රදේශයේ රැඳී සිටියදී පොලිසියේ මැදිහත්වීමෙන් පසුගියදා අල්ලාගන්නා ලද මෙම මියන්මාර ජාතික පිරිස එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය මැදිහත්වී මෙම නිවසේ කුලී පදනම මත තාවකාලිකව රඳවා සිටි බව පැවසුණි. කෙසේ වෙතත් මෙම පිරිසට මෙම ස්ථානය ආරක්ෂා මද බවත් උද්ඝෝෂණ සූදානමක් ගැන ආරංචියත් නිසා අද (26) උදෑසන පොලිසිය මැදිහත්වී මොවුන් සියල්ලන් පොලිසිය වෙත කැටුව ගෙන ගොස් තිබිණි.

නමුත් සවස් වනවිට පොලිසියේ ඉඩ මදිවීම නිසා නැවත මෙම නිවසටම ගෙනවිත් දමා ඇත. උද්ඝෝෂණ ඇරඹී ඇත්තේ එයින් පසුවයි. මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් මෙම නිවසේ රැඳී සිටින බවටත් එම දරුවන්ට පාසල් පහසුකම් පවා ලබාදී ඇති බවටත් සරණාගතයින් ලෙස නොව ඔවුන් ලංකාවේ ජීවත් කරවීමට ආණ්ඩුව කටයුතු කරන බවටත් පවසමින්  භික්ෂූන් වහන්සේලා අැතුළු පිරිස උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කිරීමේදී කලබලකාරී තත්වයක් ඇතිවිය. මේ හේතුවෙන් අද සවස ගාලු පාරද අවහිර විය.

























No comments:

Post a Comment

Post Bottom Ad