දිගම මංගල සාරි පොටේ වාර්තාව කාටත් කරදර නැතිව ඉන්දියාව පිහිටවූ හැටි (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 22, 2017

දිගම මංගල සාරි පොටේ වාර්තාව කාටත් කරදර නැතිව ඉන්දියාව පිහිටවූ හැටි (වීඩියෝ)


ඊයේ මහනුවරදී පැවති ආන්දෝලනයට තුඩු දුන් දිගම ඔසරි පොට ගිනස් වාර්තාවේ විවාහ මංගල උත්සවය නිසා මේ වනවිට පාසල් සිසුවියන් අවභාවිතා කිරීම සම්බන්ධ ළමා ආරක්ෂණ අධිකාරියේ පරීක්ෂණයක්ද අරඹා තිබේ. 

මෙම කටයුත්ත නිසා ඊයේ මහනුවර ඇතැම් මාර්ග වසා දමන්නටත් අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ සියලුම වැඩ කටයුතු අඩාල වන්නටත් කරුණු යෙදුණ අතර මල් කුමරියන් ලෙස 2-3 පන්තිවල කුඩා දැරියන් ඇන්දවීමට හා 4 පන්තිවල සිසුවියන් පෙළට සිටුවා ඔසරි පොට ඇල්වීමට පාන්දරින්ම ඔවුන් අවදිකරවාගෙන ගොස් ඊට සහභාගී කරවීම වෙනුවෙන් දෙමාපියන්ද නිවාඩු දමා ඒ වෙත ගොස් තිබුණි. පැය ගණනාවක් සියලුම ගුරුවරියන්ද සිටියේ මාර්ග දෙපසය.


මෙම විද්‍යාලය විදුහල්පතිවරයෙකු යටතේ පාලනය වන්නකි. මහ ඇමතිගේ උපදෙස් මත ඔහු මේ කටයුත්ත ඉටුකරදී තිබේ. මේ ආකාරයේම වාර්තාවක් මින් ඉහත ඉන්දියාවේ පිහිටුවනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේය. ඉන්දියාවේ භරුච් නගරයේ නර්මදා නදිය හරහා පාලමක් ඉදිකරන්නට යෙදුණ අවස්ථාවක සැමරුමක් ලෙස මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙයට සහභාගී වූ අතර පාලම විවෘත කරන්නට පෙර පාලම දිගේ සාරිය අල්වා සිටියේ විශේෂයෙන් ඒ සඳහා යෙදවූ තරුණ තරුණියන්ය. පාලමෙන් එපිට ගඟ දිගේ ඔරු මත නැගුණ මිනිසුන්ද එදා උත්සවයට සහය පළකරමින් සාරියේ ඉතිරි කොටස අල්ලා සිටි බව වාර්තා වී තිබේ. මීටර 3055 දිගට මෙම සාරි පොට ඇද තිබුණි. කෙසේ වෙතත් එදින පාලම විවෘත කිරීමේ උත්සව අවස්ථාවට අදාල අංගයක් වූ නිසා ඉන්දියාවේ මේ කියන වාර්තාව තබන්නට පහසුවක් වූ අතර ඒ සඳහා මාර්ග අවහිර කිරීමක් සිදුවූයේ නැත කිසිවෙකු බලෙන් යොදවා තිබී නැත.

පහත පළවන්නේ එම ගිනස් වාර්තාවට අදාළ වීඩියෝවකි...

No comments:

Post a Comment

Post Bottom Ad