දෙහිවල සත්තු වත්තේ වීදුරුවට පනින අලුතින් ආපු කොටියා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 25, 2017

දෙහිවල සත්තු වත්තේ වීදුරුවට පනින අලුතින් ආපු කොටියා


පසුගියදා නයිට් සෆාරි ක්‍රමය ඇරඹීමෙන් පසු රාත්‍රී කාලයටද විවෘතව තැබෙන දෙහිවල සත්තු වත්තට මේ වනවිට විදෙස් රටවලින් අලුත් සතුන් ගෙන්වීම ලහිලහියේ අරඹා තිබේ.

එම වැඩසටහන යටතේ අලුතින්ම තනන ලද කූඩුවක ගාල් කළ කොටියෙකු දැන් දෙහිවල සත්තු වත්තට යන අයට දැකගන්නට
ලැබෙනු ඇත. මේ දක්වා ගැඹුරු ආගාධ වැනි කූඩුවල සිරකර තිබියදී නරඹන්නන්ට දුරින් දැකගතහැකව තිබුණ එම කොටියා වීදුරු බිත්තිය සහිත නව කූඩුවට ගෙන ආ පසුව වඩාත් හොඳින් බලාගන්නට හැකි වන අතර ඇතැම් අවස්ථාවල වීදුරුව දෙසට පනින බවද නිරීක්ෂණය කර ඇත.

පහත පළවන්නේ එම අවස්ථාවක පටිගත කළ දර්ශන සහිත වීඩියොවකි.

video by -Rasika Perera

No comments:

Post a Comment

Post Bottom Ad