'‌ආණ්ඩුව අස්ගිරි නායක හිමිට තර්ජනයක් වීම වැරදියි-දඹුලු විහාරයට ආණ්ඩුව බලපෑම් කිරීම අසාධාරණයි' S.B දිසානායක ආණ්ඩුවටම එරෙහිව කට අරියි .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

'‌ආණ්ඩුව අස්ගිරි නායක හිමිට තර්ජනයක් වීම වැරදියි-දඹුලු විහාරයට ආණ්ඩුව බලපෑම් කිරීම අසාධාරණයි' S.B දිසානායක ආණ්ඩුවටම එරෙහිව කට අරියි .!

දඹුලු රජමහා විහාරයේ පරිපාලනය සදහා රජයෙන් සිදුවන අතපෙවීම් සාධාරණ නොමැති බව අමාත්‍ය එස්. බී දිසානායක මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා.

දඹුලු රජමහා විහාරයේ භාරකාරත්වය අස්ගිරිය රජමහා විහාරයට හිමි නිසා අස්ගිරි මහානායක හිමියන්ගේ  උපදෙස් අනුව හෝ උන්වහන්සේ විසින් පත්කළ විහාරාධිපතීන් වහන්සේට අවශ්‍ය ආකාරයට එම විහාරයේ පරිපාලනය සිදු විය යුතු බවට ඇමතිවරයා ප්‍රකාශ කළා.

එලෙස නොකර අස්ගිරි මහානායක හිමියන්ට සහ විහාරාධීපතීන් වහන්සේට තර්ජනයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබදව තමන් එකඟ නොවන බවද පුරාවස්‌තූන් විශාල ප්‍රමාණයක්‌ තිබෙන දඹුලු රජමහා විහාරයේ කටයුතුවලට මෙසේ මැදිහත්වීම තමන් අනුමත නොකරන බව ද පැවසුවා. අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කළේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවැති  උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad