කිරිඇල්ලගේ අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් දුවගේ සමාගමට.. එක පවුලේ සිවු දෙනෙකුට උපදේශක රස්සා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

කිරිඇල්ලගේ අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් දුවගේ සමාගමට.. එක පවුලේ සිවු දෙනෙකුට උපදේශක රස්සා..

උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම ඔහුගේ පුද්ගලික ලේකම්වරියද වන චාමි කිරිඇල්ල විසින් අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් ඇයට අයත් සමාගමක් වෙත ලබා ගන්නා බව සති අන්ත ලංකා පුවත්පත වාර්තා කර ඇත.

මෙම සමාගම ‘කැන්ඩි කන්ට‍්‍රක්ෂන්’ වන බවත් ඔවුන් ලබා ගන්නා කොන්ත‍්‍රාත් පසුව ඒවා උප කොන්ත‍්‍රාත් ලෙස තවත් සමාගම්වලටද ලබා දෙන බවද එහි දැක්වෙයි. මේ අතර එකම පවුලේ සිවු දෙනෙකුට එම අමාත්‍යංශයේ උපදේශක තනතුරු තුනක් සහිතව තනතුරු හතරක් ලබා දී ඇති බවටද වාර්තා පලවෙයි. එක් උපදෙශකයෙකුට රුපියල් 65000 බැගින් මාසිකව ලබා දෙන අතර ඔවුන් සිවු දෙනාම පදිංචි වී සිටින්නේ එක ලිපිනයක වීම විශේෂය.

No comments:

Post a Comment

Post Bottom Ad