සිතූ පරිදිම ඉන්දියාව හා පැවති පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවට
අත්කරදුන්නේ දරුණු පරාජයකි.පසුගිය වසර කිහිපයේදී පන්දු රැකීමේ අංශයෙන්
ශ්‍රී ලංකාව දැක්වූ අසමර්ථභාවය මෙම තරඟයේද මැනිවින් ප්‍රදර්ශණය වූ අතර
මෙහිදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් උඩපන්දු කිහිපයක් ගිලිහී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුරැකීමේ පුහුණුකරු වන්නේ නික් පෝතස්ය. සිය දකුණු බාහුවේ බුදුන්ගේ පච්චයක්ද කොටාගෙන සිටින මෙම පුද්ගලයා අදාළ තනතුරේ වැඩ භාරගත් පසුගිය වසරේ මැද භාගයේදී පටන් ශ්‍රීලංකා කණ්ඩායම අතින් උඩ පන්දු 56ක් ගිලිහී ගොස් ඇති බව කිවහොත් ඔබ පිළිගන්නවාද? ඒ අතරින් උඩපන්දු 29ක් ඉතා පහසුවෙන් රැක ගැනීමට තිබූ ඒවාය. කෙසේ වෙතත් තම තනතුරට අදාළ රාජකාරියවත් නිසිලෙස ඉටුකළ නොහැකි පුද්ගලයෙකුට ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ධූරය මේ වන විට හිමිව ඇත.
ඒ හිටපු පුහුණුකරු වූ ග්‍රැහැම් ෆෝඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වූ පසුය. ‘කැචස් වින් මැචස්‘ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවේ කියමනක් ඇත.ඕනෑම උඩපන්දුවක් රැකගැනීම කෙතරම් වැදගත් වනවාද යන්න එයින් කියැවෙයි.දිගින් දිගට උඩපන්දු අත්හරින ශ්‍රීලංකා කන්ඩායම මෙතරම් ආගාධයකට වැටී තිබෙනු එක් අතකට පුදුමයක් නොවේය.තත්වය එසේ තිබියදී තම රාජකාරිය හෝ නිසිලෙස ඉටු නොකර පුද්ගලයින්ට තවත් උසස්වීම් ලබාදීමට ක්‍රිකට් බළධාරීන් පියවර ගන්නේ කුමන හේතුවකටදැයි සිතාගත නොහැක.

No comments:
Post a Comment