පිං කැටයක් නිසා දකුණු පළාත් සභාවේ උණුසුම් තත්වයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

පිං කැටයක් නිසා දකුණු පළාත් සභාවේ උණුසුම් තත්වයක් (PHOTOS)

දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම කළු පටි පැළඳගෙන පැමිණ තිබේ. දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන ඇමතිවරුන් සිවුදෙනා සහ පසඳ යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා යන පස්දෙනා හැරෙන්නට සෙසු සියලු මන්ත්‍රීවරුන් සභා ගැබට ඇතුලු වූයේ කළුපටි බැඳ ගෙනය. 

දකුණු පළාත් සභාවේ එ.ජ.නි.ස නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා දකුණු පළාත් සභාවට පිං පෙට්ටියක් රැගෙන පැමිණීමත් සමඟින් දකුණු පළාත් සභාවේ ඇති වුයේ උණුසුම් තත්වයකි. මේ සමඟ දකුණු පළාත් සභා විපක්ෂයේ මන්ත්‍රීවරැන්වන චන්දන ප්‍රියන්ත, අශෝක ධවනංශ ද සිල්වා යන මහත්වරුන් පින් පෙට්ටියක්ද රුගෙන විත් සභාව විහිළුවට ලක් කරන බව පවසමින් එම පින් පෙට්ටිය ඉවත් කරන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේ අශෝක ධනවංශ සහ චන්දන ප්‍රියන්ත යන මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණ විරෝධය පළ කරන්නට වූ අතර චන්න සාලිය මහතා අත තිබූ පින් පෙට්ටාය උදුරා ගැනීමට උත්සාහ කරනු ලැබීය. මෙහිදී දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන එකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් විසින් පින් පෙට්ටිය ආරක්ෂා කර ගැනීමට යාමේදී සභා ගැබ තුළ උණුසුම් තත්වයක් ඇති විය. අවසානයේ පින් පෙට්ටිය ඉවත් කිරීමට සභාපතිවරයා නියෝග කරනු ලැබූ අතර නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා පින් පෙට්ටිය රැගෙන සභා ගැබෙන් පිටව ගියහ.

අනතුරුව දකුණු පළාත් සභා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන චමිලි විදානාච්චි මහතා දකුණු පළාත් සභා මැති ඇමතිවරුන්ට ඉහළින් ගොස් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත්වීම් තුනක් ලබාදී ඇති අතර පළාත් සභා මැති ඇමතිවරුන්ට ඉහළින් ගොස් ආණ්ඩුකාරවරයා කටයුතු කිරීමට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් සභා ගැබෙන් පිටව යන බව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අනතුරුව දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ආණ්ඩුකාරවරයාටත් යහපාලන ආණ්ඩුවටත් විරෝධය පළ කරමින් තමන් ඇතුලු මන්ත්‍රීවරුන් සභා ගැබෙන් පිටව යන බව පැවසීය. අනතුරුව දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය වර්ජනය කරමින් සභා ගැබෙන් පිට වූ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ගැබෙහි ඉතිරි වූයේ දකුණු පළාත් ප්‍රධාන ඇමති ශාල් විජයලාල් ද සිල්වා, යූ.ජී.ඩී ආරියතිලක, චන්දිමා රාසපුත්‍ර, වීරසුමන වීරසිංහ යන මහත්වරුන් සහ පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතා පමණි.

අනතුරුව සභා ගැබ තුළ ඝනපූර්ණය නොමැති බව පෙන්වා දෙනු ලැබූ අතර පසුව මන්ත්‍රීවරුන් පැමිණීමේ සීනුව නාද කිරීමෙන් පසුව ඝනපූර්ණය සම්පූර්ණ වීමෙන් පසුව විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සභාව පවත්වාගෙන යනු ලැබුණි.

(ගාල්ල ලලිත් චාමින්ද)



No comments:

Post a Comment

Post Bottom Ad