බැසිල් ඉලක්කකර ප්‍රහාරයකට මාධ්‍ය ආයතනයක් කුලියට ගනී.. විමල් සහ ගම්මන්පිලගේ පැරණි කතා දමා පහරදීමට සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

බැසිල් ඉලක්කකර ප්‍රහාරයකට මාධ්‍ය ආයතනයක් කුලියට ගනී.. විමල් සහ ගම්මන්පිලගේ පැරණි කතා දමා පහරදීමට සූදානම්..

2020 ජනාධිපති අපේක්ෂක ප්‍රවර්ධන වැඩසටහනේ සතියේ සාකච්ඡා රැස්වීම ඊයෙ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ සම්බධිකරනයෙන් පැවත්විනි. මේ සඳහා ජනාධිපති කාර්යාලයට අනුයුක්තව සේවය කරන කිහිපදෙනෙකු සහභාගි වී ඇත.

මෙහිදී සාකච්ඡා කොට ඇත්තේ මේ වනවිට අනේපේක්ෂිත ලෙස දේශපාලන වශයෙන් මහින්ද රාජපක්ෂ කණ්ඩායම ඉදිරියට පැමිණ ඇති බවකි. ඒ අනුව පොදු විපක්ෂය ක්‍රමානුකූලව දියකර හැරිමට මෙතෙක් ගත් උපායමාර්ග අසාර්ථක බවත් එම ක්‍රම වහා වෙනස් කල යුතු බවත්ය. ඒ අනුව හැකි ඉක්මනින් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ගමින් ගමට රැගෙන යන දේශපාලන චරිත ඉලක්ක කොට ඉතා සැලසුම් සහිතව ප්‍රහාරයක් මාධ්‍ය මගින් සිදු කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා විශේෂ දක්ෂතා හදුනාගත් කණ්ඩායමක් යෙදවීමටත් එහි ප්‍රධාන ඉලක්කය බැසිල් රාජපක්ෂ විය යුතු බවට සම්බන්ධීකරණ ලේකම් දැනුම් දී ඇත.

මේ සඳහා එක්තරා ප්‍රධාන පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක් සම්බන්ධකර ගැනීමටත් ඒ හරහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පොදු විපක්ෂයේ ආණ්ඩු විරෝධී සටනේ ඉදිරියෙන් සිටින රාජපක්ෂ හිතවාදින් විසින් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට විරුද්ධව කරනු ලැබු පැරණි කතා මේ සඳහා උපයෝගී කරගෙන දිගට හරහට පහර දිය යුතු බවට ඔහු විසින් දැනුම් දී ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad