මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඉකුත් මැයි මස 21 දා අලුයම කාලයේදී කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කල බවට චෝදනා කරමින් මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය අතර අසාඩ් සාලි වැනි පිරිස් මුස්ලිම් ජනතාව කුලප්පු කිරීමේ නින්දිත උත්සහයක ද යෙදුණා හ.
ඇති වු තත්ත්වය හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මෙම බෝම්බ ප්‍රහාරය මුස්ලිම් පල්ලියට එල්ල කිරීම සම්බන්ධව ගලගොඩාඅත්තේ හිමිගේ බොදුබල සේනාවේ සමාජිකයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවයි. ඒ සඳහා ඒ දිනවල මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුනි. එහෙත් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල එම සැකකාර තරුණයන් දෙදෙනා පොලිසිය විසින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකිරීම පසුගිය දා කුරුණෑගල මහේස්ත්‍රාත් විසින් නිසා නිදොස් කොට නිදහස් කර ඇත.
රස පරීක්ෂක ඇතුළු සියලු වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා වැරදි නිගමනයන්ට එලබ මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තරුණියන්ව සැක පිට අත් අඩංගුවට ගැනීම පිලිබඳව පොලිසියට දැඩිලෙස අවවාදය කොට එම තරුණයන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.
Tuesday, July 25, 2017
Home
ප්රවෘත්ති
මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසු බව කියූ බොදු බලේ දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරේ.. බොරු චෝදනා කලාට පොලිසියට අධිකරණයෙන් කුණු බැණුම්..
මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසු බව කියූ බොදු බලේ දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරේ.. බොරු චෝදනා කලාට පොලිසියට අධිකරණයෙන් කුණු බැණුම්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment