ජනපති මෛත‍්‍රී සියලුම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු කැදවයි (EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

ජනපති මෛත‍්‍රී සියලුම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු කැදවයි (EXCLUSIVE)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සියලූ මන්ත‍්‍රීවරුන් හදිසි සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබ තිබෙනවා. එම සාකච්ඡාව අද (12) රාත‍්‍රී 08.00 ට පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි. 

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහි දී සාකච්ඡා කරනු ඇති බවටයි වාර්තා වන්නේ. යහපාලන ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 18ක් පමණ ආණ්ඩුවෙන් ඉවත්වනු ඇති බවට ඉකුත්දා විවිධ වාර්තා පල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කරනු ඇති බවටයි පැවසෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad