සැලූන් දොර ඇරියා.. යනවානම් ගිහින් පෙන්වනු.. එජාපයෙන් ශ‍්‍රීලනිපයට අභියෝගයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

සැලූන් දොර ඇරියා.. යනවානම් ගිහින් පෙන්වනු.. එජාපයෙන් ශ‍්‍රීලනිපයට අභියෝගයක්..

යහපාලන ආණ්ඩුවෙන් පුලූවන්නම් ඉවත්වෙලා පෙන්නන්න යනවා කියන කිසිම කෙනෙක් ආණ්ඩුවෙන් යන්නේ නැහැ යැයි ලග්ගල එජාප සංවිධායිකා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත‍්‍රිනී රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට අඩුවුයේ මන්ත‍්‍රි ධුර හතක් පමණක් බවත් අග‍්‍රාමාත්‍ය වරයා මැතිවරණයට පෙර පොරොන්දු වු පරිදි පක්ෂ දෙකම එක්වී ජාතික ආණ්ඩුවක් සැකසු බවත් ඇය සදහන් කළාය. විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් මාතලේ රත්තොට පිහිටි පක්ෂ කාර්යාලයේ දී ඇය මේ බව සදහන් කළාය. ‘එක්සත් ජාතික පක්ෂය කවදාවත් මුක්කු ගහලා ආණ්ඩුකරපු පක්ෂයක් නෙවෙයි මේ රටේ පුංචිම පුද්ගලයාගේ සිට සෑම කෙනෙකුටම යහපත් සංවර්ධනයක් කරපු පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියන එක කවුරුත් දන්නවා.


මේ රටේ කරපු යෝධ සංවර්ධන වැඩ වල හිමිකරුවා එක්සත් ජාතික පක්ෂය. අද ඔය යනවා කියන පිරිස ගැනත් කියන්න ඔනේ එදා මෛත‍්‍රි මහත්තයට වේදීකාවක් ගහගන්න පිටිටනියක් නොදීපු ,වේදිකා ගිනි තියපු උසුළු විසුළු කරපු කණ්ඩායම අද කොහොමද කියන්නේ තමන්ගේ නායකයා මෛත‍්‍රි මහත්තයා කියලා. ඔය යනවා කින කිසිම කෙනෙක් යන්නේ නෑ මොකද තමන් වි`දින වරදාන වරප‍්‍රසාද සියල්ලම නැතිවෙලා යනවා ඒකට බයයි. අපි කියන්නේ සැලූන් දොර ඇරලා තියෙනවා ඕන කෙනෙකුට යන්න පුලූවන්. හැබැයි මතක තියාගන්න මම නැවතත් කියනවා ඔය කවුරුත් යන්නේ නැ.

එක්සත් ජාතික පක්ෂයේ අපිට ආණුඩු හදන්න බැරි කමක් නෑ අපියි යහපානයක් පිළිබද කතා කලේ අපියි පොදු අපේක්ෂකයෙක් තීරණය කලේ නැතිව අද මෛත‍්‍රි ගැන කදුළු හලන එදා මහින්දගෙන් ඇති වෙනකම් කාපු ඇතැම් අය පොඞ් මාධ්‍ය සංදර්ශනයක් දාන එක විතරයි කරන්නේ. මේ දිස්ත‍්‍රික්කයෙත් ඉන්නවා ඇතැම් ඇමතිකම් කරන උදවිය මහින්ද මහත්තගේ පැත්තේ එක කකුලක් තියාගෙන මේ ආණ්ඩුවේ වරප‍්‍රසාද විදිමින් කටයුතු කරන අය අපි කියනවා ඒ උදවියට මේ ලග්ගල මිනිස්සු උදැල්ලට, කැත්තට,රෙද්දට,බත්පැකට් එකට යටවෙන උදවිය නෙවෙයි. 


එහෙම ඡන්දේ ගන්න බලන් ඉන්නවා නම් ඒ හීන සැබැවෙන්නේ නෑ කියන එකත් මේ වෙලාවේ කියන්න ඕනේ’එහි දි වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය සදහන් කළේය.

– ඉන්දික අරුණ කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad