හමුදාපති යාපනයට - ඉඩම් නිදහස් කරන්න විග්නේශ්වරන් සමඟ සාකච්ඡා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

හමුදාපති යාපනයට - ඉඩම් නිදහස් කරන්න විග්නේශ්වරන් සමඟ සාකච්ඡා

හමුදාපති යාපනයට - ඉඩම් නිදහස් කරන්න විග්නේශ්වරන් සමඟ සාකච්ඡා
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක මහතා අතර හමුවක් ඊයේ (30) සවස යාපනයේදී  පැවත්විණි.
යාපනය නල්ලූර්හි පිහිටි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවතිණි.

මෙම හමුවේදී උතුරු පලාතේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කර ගැනීම හා මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන්ගේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවට එම හමුවෙන් පසුව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂවරන් මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය.

ඒ මහතා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.

“යුද හමුදාපතිවරයා අපේ පරණ මිතුරෙක් එතුමන් යුදහමුදාපති ධූරයට පත් වීමෙන් පසුව උතුරු පලාතේ කල සංචාරයෙන් පසුව මාව හමුවෙන්න පැමිණියා එසේ පැමිණ කල සාකච්ඡාවේදී ඔහු විශේෂ කරුණක් මට කිව්වා යාපනයේ ආඥාපතිවරයා වශයෙන් අවසන් වරට කටයුතු කරලා යන අවස්ථාවේදීත් මයිලිට්ටි ධිවර වරාය ඇතුලු ප්‍රදේශය නිදහස් කරනවා කියලා ඔහු දුන් පොරොන්දුව ඉටු කලා කියල මට කිව්වා යුද්දෙ කාලෙ තිබුනු වාතාවරණය වගේ නෙමෙයි යුද්දෙ නොමැති කාලේ යුද හමුදාව වැඩ කටයුතු කළ යුතු ආකාරය ගැන රණවිරුවන් දැනුවත් කරන බවටත් ජනතාව සමග කටයුතු කරන ආකාරය පිළිබඳවත් දැනුවත් කරන බවට ඔහු අවධාරණය කලා.

ඒ වගේම මුලතිව් කේපාපිලව් ගම්මානයේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද කඩිනම් පියවර ගන්නා බවටද ඔහු සඳහන් කලා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා මේ සඳහා ප්‍රතිපාදන වෙන්කරනවා කියල පොරොන්දු වෙලා තියනවා ඒ නිසා ලගදිම ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියල ඔහු කිව්වා.”

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad