වත්තලදී සහ හඳපාන්ගොඩදී වෙඩි තැබීම් දෙකක් - අයෙකුට තුවාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

වත්තලදී සහ හඳපාන්ගොඩදී වෙඩි තැබීම් දෙකක් - අයෙකුට තුවාල

වත්තල මහබාගේ සහ ඉංගිරිය හඳපාන්ගොඩ යන ප්‍රදේශවලදී වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා. මහබාගේ මඟුල් පොකුණ පල්ලිය අසල දී ජිප් රථයක ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.එලෙස තුවාල ලබා ඇත්තේ මඟුල් පොකුණ ප්‍රදේශයේ පදිංචි එම ජිප් රථයේ රියදුරු බවටයි වාර්තා වන්නේ.

මේ අතර ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට සැකකරුවන් 4 දෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා. කෙසේ වෙතත් අදාල පුද්ගලයාට වෙඩි වැදී නොමැති අතර වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ගෙන් එක් අයෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව සඳහන්. පොලීසිය කළ විමර්ශනයකදී ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුළ තිබී පතොරම් ගිනිඅවියක් ද සොයාගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad