නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2008 වසරේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදස්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස නම්කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 5 දෙනා ලබන  19දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝගය කාලා. මේ අතර එම නඩුවේ සැකරුවෙකු ලෙසට නම් කළ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඒ ඩී පී රත්නායක මහතා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අද නිකුත් කරන බව ද විනිසුරුවරිය සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad