ලියාපදිංචි නොකර ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ධාවනයකල යතුරු පැදිය නතර කරන ලෙස රථවාහන පොලිසියේ නිලධාරීන් අණකල අවස්ථාවේ පැදිය පිටුපස සිටි පෙම්වතිය දුම්රිය නගරයේ දමා පලාගිය තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ සිදුකරන අතර පලාගිය යතුරු පැදිය ගල්පාලම ප්‍රදේශයේ කැලෑවක සගවා තිබියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය සොයා ගෙන තිබුණි.
උදෑසන අනුරාධපුර දුම්රිය නගරයේ සේවය නරතවී සිටි රථවාහන නිලධාරින් ආරක්ෂිත හිස් වැසුම් පැලද නොගත් පුද්ගලයෙකු ලියාපදිංචි අංක තහඩු නොමැති යතුරු පැදියක් පදවා ගෙන ඉදිරියට එන අයුරු දැක පැදිය නවතන ලෙස සංඥාකර තිබේ.සැකකරු දුම්රිය නගරයේ පදික වේදිකාවක් ආසන්නයේ නවතා තිබූ ලොරි රථයකට මැදිකර යතුරු පැදිය නවතා පිටුපස අසුනේ සිටි පෙම්වතියට ඉන් බැස ගන්නා ලෙස උපදෙස්දී තිබේ.
තරුණිය ඇය යතුරු පැදියෙන් බැසගත් පසුව සැකකරු පොලිස් නිලධාරින් ඔහු ආසන්නයට ලගාවීමට පෙර විරුද්ධ දිසාවේ පදික වේදිකාව දිගේ යතුරු පැදිය පදවාගෙන පලාගිය බව පොලිසිය පැවසුවේය. පොලිස් නිලධාරින් යතුරු පැදියේ පැමිණි තරුණිය නවතාගෙන පෙම්වතා පිළිබදව ප්‍රශ්නකර ඔහුගේ තොරතුර අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර ගල්පාලම ප්‍රදේශයට ගොස් ඇතත් සැකකරු යතුරු පැදිය කැලෑවක සගවා පලාගොස් තිබියදි පොලිසිය යතුරු පැදිය සොයා ගෙන තිබුණි.
සැකකරු ලියාපදිංචි නොකල යතුරු පැදිය යොදාගෙන මත්ද්‍රව්‍ය ජාවරමේ නිරතවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සැකමතුවී ඇති බව පොලිසි පැවසුවේපලාගිය සැකකරු වයස අවුරුදු 21ක පමණ තරුණයෙකු වන අතර ඔහු හා පෙම්වතිය අනුරාධපුර නගරයේ පිහිටි තාක්ෂණ ආයතනයක ඉගෙනුම ලබන බව පොලිසිය පැවසුවේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂක කේ.ටී.ඩී.පි නිශ්ශංක පොලිස් කොස්තාපල්වරුන් වන 46128 එදිරිසිංහ 10627 රත්නායක හා 48245 චන්ද්‍රරත්න යන නිලධාරින්සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරයි.
තිසර සමල් – එප්පාවල
Sunday, July 30, 2017
පොලීසිය දැක්ක පෙම්වතා පෙම්වතිය දාලා ගිහින්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment