කෝපායි හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

කෝපායි හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදෙයි

යාපනය - කෝපායි ප්‍රදේශයේදී යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා කොණ්ඩාවිල් ප්‍රදේශයේ රාජකාරියේ නිරත වෙමින් සිටියදී අද (30) දහවල් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ. ලෙස පහරකෑමට ලක්ව ඇත්තේ කෝපායි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්. ඔවුන් මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad