වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බස් රථයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසනවා.
අද (30) අළුයම 3.30 ට පමණ මෙම පහර දීම සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. බන්ධනාගර බස් රථය අනුරාධපුරයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන් කරමින් තිබු බවයි පොලීසිය පැවසුවේ. අනුරාධපුරයේ පැවති පිච්චමල් පුජාව සදහා සහභාගි වීමට ගිය වැලිකඩ බන්ධනාගාරයේ සිටින නර්තන කණ්ඩායමක රැදවියන් 14 දෙනකු සිද්ධිය වන විට බස් රථයේ සිට තිබෙනවා.
ඔවුන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ජලය පිරවූ ලීටර් 2 ½ ක බෝතලයකින් පහර දීම සිදු කර ඇතැයි මූලික විමර්ශනවලදී හෙලිවී ඇති බවයි වාර්තා වන්නේ. පහර දීම සිදු කළ අය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.
Sunday, July 30, 2017
බන්ධනාගාර බසයට වයික්කාලේදී ප්‍රහාරයක්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment