ඩිලාන්, ඩලස්, මහින්දානන්දගේ මතයට කණේ පහරක් ගසමින් මංගල අමුතු කතාවක් කියයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

ඩිලාන්, ඩලස්, මහින්දානන්දගේ මතයට කණේ පහරක් ගසමින් මංගල අමුතු කතාවක් කියයි…

පසුගිය දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ටිවිට්ර් ගිනුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කලේ ‘රට වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ හෝ වෙනත් ඕනම කෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට සූදානම්’ බවයි.

එයට පිලිතුරු වශයෙන් සම්මුති ආණ්ඩුව වෙනුවෙන් එම ආණ්ඩුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තම ටිවිට්ර් ගිනුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කොට ඇත්තේ ” ඇත්ත වශයෙන්ම රට පාලනය කරන්නේ කෙසේද යන්න පිලිබඳව ඔබේ උපදෙස් අපට අවශ්‍ය නොවේ” යන්න අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ මොනයම් කටයුත්තක් සඳහා හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය මේ ආණ්ඩුව අපේක්ෂා නොකරන බව මෙන්ම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව පොදු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ආණ්ඩුවට අනවශ්‍ය බවයි.

එහෙත් නිතරම ආණ්ඩුවේ මෙන්ම පොදු විපක්ෂයේ ද සිටින ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලුත්ගමගේ සහ ඩලස් අලහප්පෙරුම වැන්නන් ප්‍රකාශ කරනුයේ තව මාස 3 කින් හෝ ඉදිරි කාලය තුලදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් එජාප ය අතහැර පොදු විපක්ෂයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීන් 52 සම්බන්ධ කරගෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අලුත් ආණ්ඩුවක් හදනවා කියන මනංකල්පිත කතාවකි.

දැනට පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනාගෙන් 52 දෙදෙනකුම සිටින්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව පොදු විපක්ෂයේ ය, එජාපයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ 106 දෙනෙකු සිටි, මංගල සමරවීර මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව කිසි කලක දැනට තිබෙන පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව එජාප ය නැතිව තනි ශ්‍රිලනිප ආණ්ඩුවක් සැදීමට ජනාධිපතිවරයාට (තාවකාලිකව හැර) නොහැකි බව පැහැදිලිය.

එමෙන්ම දැනට පොදු විපක්ෂයේ සිටින කවුරුත් හෝ ආණ්ඩුවට ගිය පලියට හෝ ශ්‍රිලනිප ඇමතිවරුන් ආණ්ඩුවේ සිටිමින් ජනාධිපතිවරයාට සහයෝගය දුන් පලියට පවතින ක්‍රමයට අනුව කිසිම දිනක බහුතර ශ්‍රිලනිප ආණ්ඩුවක් හැදීමට නොහැකි බවද ඉතා පැහැදිලි ය, මේ බැව් මුදල් අමාත්‍ය මංගල සමරවීර හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥන් පමණක් නොව හෝඩියේ පන්තියේ දරුවෙකුට පවා වැටහෙන කරුණකි, එහෙත් මේ බැව් මෙතෙක් කතාකරන සමහර මහෝෂද පණ්ඩිතයන්ට නොතේරීම ජුගුප්සා සහගතය.

No comments:

Post a Comment

Post Bottom Ad