උතුරු නැගෙනහිරින් මුස්ලිම් දේශපාලන සන්ධානයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

උතුරු නැගෙනහිරින් මුස්ලිම් දේශපාලන සන්ධානයක්

උතුරු නැගෙනහිර පළාතේ මුස්ලිම් දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් එක්ව පිහිටුවා ගැනීමට යෝජනා වි ඇති නව සන්ධානයට එක් නායකත්වයක් වෙනුවට නායකත්ව මණ්ඩලයක් පත්කර ගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මහ ලේකම් එම්.ටී.හසන් අලි මහතා ඉදිරිපත් කර වීමටද තීරණය වී ඇත. පළාත් සභා විසුරුවා හැරීමෙන් පසු මෙම සන්ධානය ලියාපදිංචි කිරීමට සැලසුම් කර ඇති අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයත්,එම්.එල්.ඒ.අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසයත්,එම්.රහුමාන් මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලනය උදෙසා වූ ජනතා පෙරමුණත් මෙකී සන්ධානය නියෝජනය කරන දේශාපාලන පක්ෂ වේ.

නැගෙනහිර නවෝදය සංවිධානය, මුස්ලිම් සිවිල් හා ආගමික සංවිධාන මෙන්ම මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් පිරිසක්ද මෙම සන්ධානයට සහය ලබා දී ඇත. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් අම්පාර වෙරළබඩ පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා ගැනීම, මුස්ලිම් ජනතාවගේ එදිනෙදා අර්බුදවලට විසදුම් ගෙන ඒම, මුස්ලිම් ජනතාවට නියම නායකත්වයක් නොමැති වීම යන කාරණාවන් මත මෙම සන්ධානය පිහිටුවා ඇති බවත් අෂ්රෆ් මහතා විසින් සකස් කරන ලද මුස්ලිම් කොංග්‍රසයේ ව්‍යවස්ථාවට අනුව මෙම නව සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව මෙම නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කෙරෙන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම සන්ධානයට සම්බන්ධ වී සිටින දේශපාලන නායකයින් උතුරු නැගෙනහිර පළාතේ සෙසු මුස්ලිම් දේශපාලන පක්ෂ හා සංවිධානවලට ද මෙම සන්ධානය හා එක්වන්නැයි ඇරයුම් කර ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad