ජනපති හෙට බංගලාදේශයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

ජනපති හෙට බංගලාදේශයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (13) බංගලාදේශය බලා පිටත්ව යාමට නියමිතව ඇත. බංගලාදේශය රජය කළ නිල ආරාධනයක් පිළිගනිමින් මෙම නිල සංචාරයේ නිරතවන ජනාධිපතිවරයා එහිදී බංගලාදේශ අගමැතිනී ශෙයික් හසීනා මහත්මිය මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මුණ ගැසී සාකච්ජා කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දී ශ්‍රීලංකාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර ඉකුත් මාර්තු මාසයේ දී බංග්ලාදේශ ජාතික දින  සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට නියමිතව තිබුනද නොවැලැක්විය හැකි හෙතුවක් නිසා ජනාධිපතිවරයාට ඊට සහභාගී වීමට නොහැකි විය

No comments:

Post a Comment

Post Bottom Ad