හිටපු ඇමති එස් එම් චන්ද්‍රසේනගේ බිරියගේ හෝටලයේ අභිරහස් මරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

හිටපු ඇමති එස් එම් චන්ද්‍රසේනගේ බිරියගේ හෝටලයේ අභිරහස් මරණයක්

අනුරාධපුර මාත‍ලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලමේ පිහිටි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳට අයත් නිවාඩු නිකේතනයක අභිරහස් ඝාතනයක් සිදුව තිබේ.

එම නිවාඩු නිකේතනයේ පසුගිය 21 වෙනිදා රාත්‍රියේ සාදයක් පවත්වා අලුයම 1.30 ට පමණ අවසන්වූ පසුව පසුදා උදේ පුද්ගලයෙකු අභිරහස් අන්දමින් මිය ගොස් හමුව ඇත. මෙසේ මියගොස් ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී අරක්කැමියකු වශයෙන් එම නිවාඩු නිකේතනයේ සේවයට පැමිණි කිරිවැල්දොල, දෙණියාය, ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52හැවිරිදි පාහීනන්ද ජයබාහු නමැත්තෙකු බවට හඳුනාගෙන ඇත.

විවාහකයකයෙකු වූ ඔහුගේ බිරිඳ හා දරුවන් සුනාමියෙන් අතුරුදන් වීම නිසා තනිවූ පුද්ගලයෙකි.අනුරාධපුර නිවත්තකචේතිය විහාරස්ථානයේ ඔහු ලැගුම්ගෙන සිටි බව කියැවේ. සිද්ධිය වූ දා රාජකාරී කිරීමෙන් අනතුරුව වෙනදා නවාතැන් ගන්නා ස්ථානයට නොගොස් නිවාඩු නිකේතනයේ ඉහළ මාලයේ කාමරයක් ආසන්නයේ බිම නිදා ගෙන ඇති බව ‍පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී තිබිණ.

මෙම අභිරහස් මරණය සිදු වූ ස්ථානයට පැමිණි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙම මරණයට හේතුව ඝාතනයක්ද නැත්නම් ස්වාභාවික සිදුවීමක්ද යන්න වහාම අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

ඒ අනුව ඊයේ  (23) දහවල් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදී. එහිදී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ හිස් කබලට සිදුවූ බලවත් හානිය හේතුවෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය මෙම මරණයට හේතු වී ඇති බවය. එමෙන්ම මරණය සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

එහෙත් මෙම මරණය අරක්කැමියා උඩුමහලින් පහතට ඇදවැටීමෙන් සිදුවූ හෝ වෙනත් හදිසි අනතුරක් නිසා ඇති වූ මරණයක් ද නැතිනම් මෙතෙක් අනාවරණය නොවූ වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න මේ තාක් අනාවරණය වී නැත.පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

බුද්ධික මහේෂ් විජේසූරිය- අනුරාධපුර

No comments:

Post a Comment

Post Bottom Ad