නල්ලූර් වෙඩි තැබීමට එරෙහිව උතුරේ නීතිඥවරු සේවයෙන් ඉවත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

නල්ලූර් වෙඩි තැබීමට එරෙහිව උතුරේ නීතිඥවරු සේවයෙන් ඉවත් වෙයි

නල්ලූර් වෙඩි තැබීමට එරෙහිව උතුරේ නීතිඥවරු සේවයෙන් ඉවත් වෙයි
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පළ කරමින් අද (24) දිනයේදී උතුරු පලාතේ සියලුම අධිකරණවල නීතිඥවරුන් අධිකරණ කටයුතුවලින් ඉවත් වීමට පියවර ගෙන ඇත.

මේ අතර වව්නියාව අධිකරණයේ සියලුම නීතිඥවරුන් යාපනයේ වෙඩි තැබීමට විරෝධය පා මුහුණ කලු රෙදිකඩකින් වසා අධිකරණය ඉදිරියට පැමිණ විරෝධය පාමින් අදාළ සිදුවීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසින් ඉල්ලා සිටියහ. උතුරේ සියලුම අධිකරණවල නඩු කටයුතුවලින් ඉවත් වීම නිසාවෙන් නඩු වාරයන් වෙත පැමිණ සිටි සාමාන්‍ය ජනතාව අපහසුතාවයන්ට පත් විය.

කලු පටි විරෝධතාවයේ නිරත වෙමින් වව්නියාවේ නීතිඥවරුන් කියා සිටියේ මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීම සම්පූර්ණයෙන්ම හෙලා දකිමින් අදාළ වරදකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් මෙම වෙඩි තැබීමට පෙරත් ලංකාවේ අධිකරණ විනිසුරුවරුන්ට විවිධ වූ බලපෑම් එල්ල වී ඇති හෙයින් විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වත්මන් රජය ඉක්මන් විසඳුමක් ගත යුතු බවයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad