මගියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ස්ථානාධිපතිවරයාට අමතරව එහි ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් සේවකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය අප්‍රේල් මාසයේ දී වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමට සුදානම් වූ බව කියන පුද්ගලයෙකු හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් අල්ලා හලාවත පොලීසියට භාර දී තිබෙනවා. පසුව එම සැකකරුව ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට හලාවත පොලීසියට සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු විවෘත අධිකරණය හමුවේ පවසා ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු තමන්ට පහර දුන් බවයි.
ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස හලාවත දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා හලාවත පොලීසියට නියෝග කර තිබෙනවා. එම නියෝගයට අනුව කළ විමර්ශන කටයුත්තක දී හලාවත පොලීසිය අදාල පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
Wednesday, July 26, 2017
හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment