එයාර් පෝට් එකට තෙල් ගෙනියන කෝච්චි පාරේ කොලොන්නාවෙ සේවකයෝ දිගාවෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

එයාර් පෝට් එකට තෙල් ගෙනියන කෝච්චි පාරේ කොලොන්නාවෙ සේවකයෝ දිගාවෙති



ඊයේ රාත්‍රී සිදු කළ මෙහෙයුමෙන් අනතුරුව හමුදා පාලනයට පත්වූ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසළ උණුසුම් තත්වය අද දහවල් වනතුරුත් පහව ගොස් නැත.

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට, තෙල් ගෙනයාම සඳහා පැමිණි දුම්රියට විරෝධය පළකරමින් එම රේල් පාරේ දිගාවී තෙල් ගෙනියන්නට දෙන්න බැරි බව කියමින් වර්ජකයින් විරෝධය පා තිබේ.මේ නිසා ඔවුන් එතැනින් ඉවත්කරන්නට සන්නද්ධ හමුදා පිරිස් වෙනම කැඳවා තිබුණි. 

මේ හේතුවෙන් කැරළි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ හතරක්ද මේ වන විට එම ස්ථානයට කැඳවා ඇති අතර කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා විය. මෙම දුම්රිය මගින් ගුවන්තොටුපළට අවශ්‍ය තෙල් රැගෙන යාමට හමුදාව සූදානම් වූ අවස්ථාවේ මෙම කලබලය හටගෙන ඇත. මින් ඉහත බවුසර් වල හුළං ඇරීමෙන්ද මෙම තෙල් බෙදාහැරීම අඩාල කිරීමට සේවකයින් කටයුතු කර තිබුණි.



No comments:

Post a Comment

Post Bottom Ad