ඉදිරි රජයකට “කුණු කතා“ කියන්න බැරි වෙන්න ජනපතිගෙන් අලුත් වැඩක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

ඉදිරි රජයකට “කුණු කතා“ කියන්න බැරි වෙන්න ජනපතිගෙන් අලුත් වැඩක්

මෙතෙක් කිසිම රජයකින් විසඳුමක් නොලැබුණු මේ රටේ කැළිකසළ ගැටලුවට අනාගතයේ පත්වන රජයකට නැවත මුහුණදීමට සිදු නොවන අන්දමේ ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ කිරිඳිවැල, මිල්ලතේ මිල්ලතාකන්ද විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ‍්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශාලාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ඊයේ (22) පෙරවරුවේ එක් වෙමිනි. ජාත්‍යන්තර වශයෙන් තිබෙන සහයෝගය සහ තාක්ෂණික උපදේශකත්වය මත නවීන තාක්ෂණය භාවිතා කරමින් කැළිකසළ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය කි‍්‍රයාත්මක කර තිබෙන බව ද පැවසූ ජනාධිපතිවරයා ඉදිරි වසර කිහිපය තුළ කැළිකසළ මේ රටේ ජනතාවට ගැටලුවක් නොවනු ඇති බව ද සඳහන් කළේය.

අද කැළිකසළ පිළිබඳ රටේ සෑම තැනම ඇත්තේ විරෝධය පමණක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා සමස්ත රටටම අභියෝගයක් වූ මෙවන් ගැටලුවලට විසඳුම් සෙවීමේදී විරෝධය සේම විසඳුම් ද ඉතා වැදගත් බව ප‍්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad