විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානයක මහතා අද (26දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්රිකා තුනක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. ‘විසුම්පාය’ සිය නිල නිවස ලෙස යොදාගැනීමට අදාළව ඔහු එක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණ.
විසුම්පාය ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයින්ට නවාතැන් ගැනීමටත් යොදා ගනියි. ඒම කැබිනට් පත්‍රිකාව ජනපති ප්‍රතික්ෂේප කර තිබේ. තමාට කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු පත්කර ගැනීමට අදාළව තවත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අතර එයද ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ජනපතිට හා අග්‍රාමාත්‍යවරයාට කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු සිටියි. මේ අතර ඉන්දියාවේ පිහිටා ඇති ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක්ද ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Wednesday, July 26, 2017
රවීගේ කැබිනට් පත්රිකා තුනක් ජනපති ප‍්‍රතික්ෂේප කරයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment