හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හම්බන්තොට වරාය චීනයට බදුදීම ගැන මෙසේ පවසා තිබේ.
‘මම හිතන්නේ මගේ පියාගේ, පියාගේ සහෝදරයාගේ වගේම ආනන්ද, කුලරත්නල වගේ එක්සත් ජාතික පක්ෂයේ අයගේ ඉඳලා විශාල බලාපොරොත්තු තිබුණේ මේ වරාය ගොඩනඟන්න. ඉතින් කාටත් බැරි වෙයි කියලා තිබුණු වරාය අපි ගොඩනැඟුවා. මේවට එකක්වත් ආණ්ඩුවේ සල්ලි ගත්තේ නැහැ ගෙවන්න. ණය ගෙව්වෙත් වරාය අධිකාරියෙන් හම්බ කරපු මුදල්වලින්. නමුත් අද මේක විකුණලා දාලා. ආදරෙන් හදාගත්ත වරාය, මිනිසුන්ගේ බලාපොරොත්තු ගැන ලොකු කනගාටුවක් දැනෙනවා.
එයාලා කියනවා අපි වික්කේ නැහැ අවුරුදු 99කට බදු දුන්නා කියලා. ඔබ දන්නවා මේ බිම් බදු දුන්නු අවුරුදු 99 ඇතුළේ පරම්පරා කීයක් හිටියද. මේ අපේ රටේ ජනතාවට, දරුවන්ට අයිති වෙන්න තිබුණු එකක්. මීට ඉස්සර ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළෙත් මේ වගේ ජූලි මාසෙ 29දා දවසක. මේ දවස හරි අපලයි ලංකාවට. ඉතින් ඒක අස්සන් කරලා අපි අදත් දුක් විඳිනවා. අදටත් බැට කනවා. අසූහතේ මේ මාසේ විසිනව වැනිදා තමයි ගිවිසුම අස්සන් කළේ.
එදා ඉන්දියාවත් එක්ක අද චීන සමාගමත් එක්ක. ඒ වගේම දවසක ආපසු ජේ. ආර්.ගේම මුණුපුරායි දැන් ජනාධිපතිවරයායි දෙන්නා හවුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මාට්ටු කරගෙන ගිවිසුම් ගහලා මේක විකුණලා දැම්මා. මේ රටේ ජනතාවගේ වස්තුවක් නැතිවීම ගැන විරෝධතාව අපි හැම වෙලාවෙම පළ කළා. ඕනනම් වරාය දිගටම දුවන්න පුළුවන්කම තියෙනවා හරියට කරනවා නම්. වුවමනාවක් තියෙනවා නම් වරාය වහන්නත් පුළුවන්. මේක තව සංවර්ධනය කරන්න වැඩපිළිවෙළ දියත් කරන්න වුණත් පුළුවන්. ඒත් දැන් පිටරට සමාගමකට දීලා.
ආණ්ඩුවට මත්තල ගුවන්තොටුපොළත් එක්ක තියෙන්නේ මහා වෛරයක්. හම්බන්තොට ජනතාවත් එක්ක තියෙන්නේ වෛරයක්, ඉරිසියාවක්. මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා ආවා. මේ පැත්තේ මිනිස්සු ඒක දන්නවා. ඕනම රටකට ගුවන්තොටුපොළවල් දෙකක් තියෙන්න ඕන. බලයට ආපු ගමන්ම කළේ මත්තල වී ගබඩාවක් කරපු එක. වී ගබඩාවක් කරලා වී දාලා ඒක බාල්දු කරලා විනාශ කරලා මේක වහලා දැම්මා. ඒකයි මේ ආණ්ඩුවෙන් කළේ. දැන් වහලා දාලා ඉවර වෙලා මේක විකුණනවා වැඩක් නැහැ කියලා.
ගුවන් යානා නැති එකක් කියලා. ගුවන්තොටුපොළට ආපු ගුවන්යානා නැවැත්තුවේ කවුද? ගුවන්තොටුපොළ, වරාය හැදුවේ හම්බන්තොට ජනතාවට විතරක් නෙවෙයිනේ. මුළු රටටම. මේක මේ රටටම නැති වුණු දේපළක්. රටට ඉතාම අපල තත්ත්වයක් උදාවෙලා.‘
Monday, July 31, 2017
ආදරයෙන් හදාගත්ත වරාය විකුණපු එක ගැන මට දුකයි -මහින්ද රාජපක්ෂ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment