අද පැය 16 ක ජල කප්පාදුවක් ගැන මණ්ඩලයෙන් නිවේදනයක්

කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසකට අද (12) දිනයේ පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව පෙරවරු 8.00 සිට රාත‍්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල සහ උතුර සහ දකුණු කළුතර ප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම බෝම්බුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල , දර්ගා නගරය, අලුත්ගම සහ පිලමිනාවත්ත ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව  ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment