ඉනාමළුවේ සුමංගල හිමි දඹළු විහාරයේ ටිකට්වලින් කෝටි 1095ක් කොල්ල කාලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

ඉනාමළුවේ සුමංගල හිමි දඹළු විහාරයේ ටිකට්වලින් කෝටි 1095ක් කොල්ල කාලා..

රංගිරි දඹුල්ල රජමහා විහාරයේ භාරකාරත්වය කලින් දරන ලද ඉනාමළුවේ සුමංගල හිමියන් විසින් 1996 සිට 2016 වසර දක්වා එම විහාරස්ථානය ලැබෙන ආදායම්වලින් රුපියල් කෝටි 1095ක මුදලක් කොල්ල කා ඇති බවට එම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ගොඩගම මංගල හිමි විසින් ඇමති අකිල විරාජ් කාරියවසම්ට දන්වා ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

මෙසේ කොල්ල කා ඇත්තේ විහාරස්ථානය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සදහා අය කරන මුදල් බවත් එම මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදලට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, දඹුලු රජමහා විහාරයේ සංවර්ධන අරමුදලට බැර කර නැතැයිද උන් වහන්සේ පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයිද ගොඩගම මංගල හිමියෝ ඇමතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad