පසුගියදා ගුවන් සේවා අධිකාරිය විසින් තොරතුරු තාක්ෂණ කලමනාකරන තනතුරට බඳවා ගත් නිලධාරියා පැවති කඩඉම් විභාගය අසමත් වූ පුද්ලගලයකු වන අතර එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පුද්ගලික හැඳුනුම්කමක් මත සේවයට ගත් පුද්ගලයකු බව තහවුරුව තිබේ.
අවසන් 10දෙනා අතරට තේරුනු අයදුම්කරුවන් අතරින් 09 දෙනකුම විභාගය හා සම්මුඛ පරීක්ෂණය අසමත් බව මෙම ලකුණු සටහනෙන් පෙන්නුම් වන නමුත් සමත්වූ තැනැත්තා කපා දමා අසමත් වූ ඩී බී ප්‍රියන්ත සේවයට බඳවාගෙන ඇත.
මේ අයුරින් අධිකාරියේ සිටින පිරිසට උසස්වීම් ලබානොදී අදක්ෂ නිලධාරීන් දිගින් දිගටම සේවයට බඳවාගන්නේ ඉහළ නිලධාරීන්ට පහසුවෙන් පාලනය කල හැකි නිවට සේවක පිරිසක් අවශ්‍ය බව නිසා බවද එහි සේවකයෝ පවසති.
සිවිල් ගුවන් අධිකාරියේ තොරතුරු තාක්ෂණික අංශයට නව කලමණාකාරවරුන් බඳවා ගැනීම පසුගියදා සිදුකළ අතර ඒ සඳහා අයදුම් කළ පිරිස අතරින් විභාගය අසමත්වී 04වන ස්ථානය ලබාගත්තද ඇමති අනුහසින් කළුතර ප්‍රදේශයේ ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තා අධිකාරියට නව පත්වීම් ලබා ඇත. ආයතනය තුළ දක්ෂ නිලධාරීන් සිටියදී යහපාලන ඇමතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇත.
තමාගේ පුද්ගලික ආයතනයක් බවට ගුවන්සේවා අධිකාරිය පත්කර ගෙන ඇති නිමල්සිරි නම් ඒකාධිපති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රධාන විධායක නිලධාරී තනතුරද බලහත්කාරයෙන් තමා ලඟ තබා ගනිමින් මෙම පත්වීම් සිදුකරන්නේ ඇමතිවරයාගේ හිතදිනා ගැනීමට බවද වාර්තා වේ.
(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)
Monday, December 19, 2016
උස නං සිකුරිටි කොට නං IT, ගුවන් සේවා අධිකාරිය පත්වීම දෙයි!! සාක්ෂි මෙන්න!!!!
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment