ජනපති - අගමැති ඡායාරූ සහිත පුවරුව කඩා බිඳදැමූ දෙදෙනෙක්‌ කොටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

ජනපති - අගමැති ඡායාරූ සහිත පුවරුව කඩා බිඳදැමූ දෙදෙනෙක්‌ කොටු

ජනපති - අගමැති ඡායාරූ සහිත පුවරුව කඩා බිඳදැමූ දෙදෙනෙක්‌ කොටු

දික්‌වැල්ල රත්නාවල ප්‍රදේශයේ අලුතින් කොන්ක්‍රීට්‌ අතුරා සකස්‌ කරන ලද අතුරු මාර්ගයක්‌ ආරම්භ වන ස්‌ථානයේ ජනාධිපති, අගමැති හා දක්‌ෂිණ සංවර්ධන අමාත්‍යවරයාගේ ඡායාරූප සවිකර තිබූ දැන්වීම් පුවරුවක්‌, කඩා බිඳ දමා අනර්ථයක්‌ සිදු කිරීමේ චෝදනාව මත එම ප්‍රදේශයේම තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 

එම ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී නිවසට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන්ද මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව තවත් පැමිණිල්ලක්‌ද ලැබී ඇතැයි දික්‌වැල්ල පොලිසිය සඳහන් කරයි. 

මීට පෙරද මෙම ප්‍රදේශයේ මෙවැනි පුවරු කිහිපයකට හානි සිදුකර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවද පොලිසිය පැවසී ය.

සැකකරුවන් වන රත්නාවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 හා 24 වයසේ විවාහකයෝ දෙදෙනා පෙරේදා (17) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

දික්‌වැල්ල පොලිසීය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad