ගාල්ල නාවික හමුදා මූලස්ථානය හම්බන්තොට වාරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 18, 2016

ගාල්ල නාවික හමුදා මූලස්ථානය හම්බන්තොට වාරයට

ගාල්ල නාවික හමුදා මූලස්ථානය හම්බන්තොට වාරයට

හම්බන්තොට වාරය ආශ්‍රිතව නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙමින් ඇති බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

හම්බන්තොට වරාය නාවික හමුදා මූලස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් මේවන විටත් ලබා දී ඇති බව කී ඇමතිවරයා සේද මාවතේ පිහිටි හම්බන්තොට වාරය රටේ ජාතික ආරක්ෂාවට විශාල වශයෙන් බලපාන බව පැවසීය.

නාවික හමුදාවට අයත් දකුණු පළාතේ ප්‍රධාන මූලස්ථානය පිහිටි ගාල්ල වාරයෙන් නාවික හමුදා විශාල වශයෙන් ඉවත් කිරීම තුළින් ගාල්ලෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙන බව ඇමතිවරයා කියා සිටියේ හම්බන්තොට වාරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

"හමුදා ඉන්න කොට සංචාරකයන් එන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගාල්ල වාරයේ නාවික හමුදාව යොදවන්න අපි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කර තිබෙනවා." ඔහු පැවසීය.

මේ අතර පසුගියදා විරෝධතාවේ යෙදුණු වරාය සේවකයන් විසින් රාජ්‍ය දේපළවලට සිදු කරන ලදැයි පැවසෙන හානිය ගණනය කිරීම සඳහා වරාය අධිකාරියේ බලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ ඇති බවත් අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad