නව ව්‍යවස්‌ථාවෙන් පක්‍ෂ මාරුව බෑ - පක්‍ෂ මාරු කළොත් අතුරු මැතිවරණයක්‌? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 18, 2016

නව ව්‍යවස්‌ථාවෙන් පක්‍ෂ මාරුව බෑ - පක්‍ෂ මාරු කළොත් අතුරු මැතිවරණයක්‌?

නව ව්‍යවස්‌ථාවෙන් පක්‍ෂ මාරුව බෑ - පක්‍ෂ මාරු කළොත් අතුරු මැතිවරණයක්‌?

පක්‍ෂය මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි වන වගන්තියක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

කිසියම් මන්ත්‍රීවරයකු සිය පක්‍ෂය මාරු කළොත් එකී මන්ත්‍රීවරයා නියෝජනය කරන ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක්‌ පවත්වයි. එහිදී ඡන්ද දායකයන්ගේ කැමැත්ත මත ඔහු හෝ ඇය අතුරු මැතිවරණයෙන් ජය ලබා යළි පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට තේරී පත් විය යුතුය.

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම හා සමගාමීව මෙම පක්‍ෂ මාරු කිරීමේ වගන්තිය ද නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීම සඳහා මේ දිනවල සාකච්ඡා වෙමින් පවතින බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටු ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට පැමිණෙන්නේ පාක්‍ෂිකයන්ගේ වැඩි කැමැත්ත මත බවද එසේ පැමිණෙන මහජන නියෝජිතයෝ වරප්‍රසාද හෝ වෙනත් ප්‍රතිලාභ අපේක්‍ෂාවෙන් වෙනත් පක්‍ෂයකට මාරු වීමෙන් ඔහුට හෝ ඇයට ඡන්දය දුන් පාක්‍ෂිකයා අතරමං වන බවද ඒ හේතුවෙන් මෙම වගන්තිය ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

නව මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ ඉදිරියේදී ආසන ක්‍රමය ක්‍රියාත්මක වන බැවින් තම මන්ත්‍රීවරයා පක්‍ෂය මාරු කිරීම සම්බන්ධව පාක්‍ෂිකයාගේ කැමැත්ත අතුරු මැතිවරණයක්‌ මගින් තහවුරු කර ගත හැකි බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad