නිලමේ නාටකයෙන් පසු පොලිසියෙන් මාධ්‍ය වාරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

නිලමේ නාටකයෙන් පසු පොලිසියෙන් මාධ්‍ය වාරණයක්

නිලමේ නාටකයෙන් පසු පොලිසියෙන් මාධ්‍ය වාරණයක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශන පෞද්ගලික මාධ්‍ය වෙත මුදා නොහරින ලෙස ඉහළින් නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පසුගියදා රත්නපුර ප්‍රදේශයේ රැස්වීමක් අමතද්දී මයික්‍රෆෝන් ක්‍රියා විරහිත නොකර ඔහුට ආ දුරකථන ඇමැතුමකට පිළිතුරු දීමේ සිද්ධිය පෞද්ගලික මාධ්‍ය මුලින්ම ප්‍රචාරය කිරීම ඊට හේතුව විය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දිවයිනේ පොලිස් ස්ථාන මගින් කොළඹ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට එන තොරතුරු මේ අනුව විද්‍යුත් තැපෑලෙන් පෞද්ගලික මාධ්‍යවලට නොයවනු ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාටද වාචිකව මාධ්‍යයකට ප්‍රකාශයක් නොකරන ලෙස ද මීට පෙර උපදෙස් ලැබී තිබිණි.

පොලිසිය හා සම්බන්ධ සිදුවීම් වාර්තාකරණයේ දී දැඩි අපහසුතාවට පත් වන බව මාධ්‍යවේදීහු පෙන්වා දෙන අතර මාධ්‍යවේදීහු මේ පිළිබඳ අවස්ථා කිහිපයකදීම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැතිවරයාට පැමිණිලි කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad